අනවශ්‍ය තෑගි තමන්ගේ මධ්‍යස්ථාන වෙත ලබා දෙන්නැයි රතු කුරුස සංවිධානය ඔස්ට්‍රේලියා ජාතිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔස්ට්‍රේලියාව පුරා ධ්‍යස්ථාන 170 ක් පමණ පිහිටා තිබෙන බවයි ඔස්ට්‍රේලියා රතුකුරුස සංවිධානය පවසන්නේ.
එක් රැස් කරන ත්‍යාග, මානුෂීය ආධාර ලෙස ඔස්ට්‍රේලියාවේ සහ ලෝකයේ වෙනත් අවශ්‍ය පුද්ගලයන් වෙත බෙදා හැරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
නත්තල් සමයේ ලද අනවශ්‍ය ත්‍යාග ඇත්නම් ඒවා ලබාදෙන්නැයි ඔස්ට්‍රේලියා රතුකුරුස සංවිධානයේ ප්‍රධාන ආධාර නිලධාරි ජේසන් ලෝෆර් ඉල්ලා සිටිනවා.
ආර්ථික අර්බුද හේතුවෙන් විශාල පිරිසක් ගැටලු වලට ලක්ව ඇති බවත්, එවැනි අවස්ථාවක ඔවුන්ට උපකාර කිරීම වගකීම බවත් සංවිධානය පෙන්වා දෙනවා.