නත්තල සහ නව වසර අතර දියේ ගිලීමේ වැඩි ඉඩක්

නත්තල සහ නව වසර අතර කාලයේ දී ඔස්ට්‍රේලියා ජාතිකයන් දියේ ගිලීමේ වැඩි ඉඩක් පවතින බව රෝයල් ලයිෆ් සේවින්ග් සොසයිටි පෙන්වා දෙනවා.

රට පුරා විවිධ ස්ථානවලදී එය සිදුවිය හැකි බවයි සඳහන් වෙන්නේ. 

වසර කිහිපයක දත්ත අධ්‍යයනය කිරීමේදී තත්වය වඩාත් හොඳින් තහවුරු වූ බව සංගමයේ ප්‍රධාන විධායක ජස්ටින් කාර් පවසනවා. 

පසුගිය වසරේ නත්තල් හා නව වසර අතර පුද්ගලයන් 25 දෙනෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ. 

දැනටමත් නිව් සවුත් වේල්ස් ආශ්‍රිත වෙරළ තීරයේදී දියේ ගිලීමෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

කෘත්‍රිමව සකසන ලද  සිඩ්නිහි පෙන්රිත් වෙරළ තීරයේදී ද අවුරුදු තිස්පහක පුද්ගලයෙකු දියේ ගිලී මියගියා. 

පැය කිහිපයක මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

නව කෘත්‍රිම වෙරළ තීරය ජනතාවට විවෘත කර, ගෙවී ගොස් ඇත්තේ සතියක පමණ කාලයක්.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »