මාර්ග අනතුරු මියයාම් සියයට 50 කින් අඩු කිරීමේ සැලසුම්

මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව 2030 දී සියයට පනහකින් අඩු කිරීම අරමුණ බවයි ඔස්ට්‍රේලියා රජය පවසන්නේ. 

ඒ සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරිවලට මූල්‍යාධාර සැපයීමට ද පියවර ගෙන තිබෙනවා.

එහෙත් මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව වැඩි වී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ. 

අනතුරු අවම කර ගැනීම සඳහා විශේෂඥ සහාය ලබා ගැනීම රජයේ වගකීමක් බවයි ඔස්ට්‍රේලියා ඔටෝ මොබිල් කළමනාකාර අධ්‍යක්ෂ මයිකල් බ්‍රැඩ්ලි කියා සිටින්නේ.

විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ අදහස් එහිදී වැදගත් බව ඔහු පෙන්වා දෙනවා.

මාර්ග ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයන් මිය යාම කෙරෙහි අවධානය යොමු කරන මෙල්බන් විශ්ව විද්‍යාලයේ නාගරික ප්‍රවාහන සහ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය මාක් ස්ටීවන්සන් කියා සිටින්නේ රථවාහන වේගයෙන් ධාවනය කිරීම අනතුරු වැඩි සංඛ්‍යාවකට හේතුව බවයි.

රියදුරන් දහසකගේ පමණ දත්ත ලබාගෙන ඇති අතර  වේගය සීමා කිරීමට උපදෙස් ලබා දුන්නද එය සිදු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

වේගය, රියදුරන්ගේ වෙහෙස, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය අනතුරු රැසකට හේතුවී තිබෙනවා.

ඒවා අවම කිරීමෙන් රජයේ ඉලක්ක වෙත ළඟාවිය හැකි බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ. 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »