ඔබත් Woolworths විසින් නිෂ්පාදිත සම්පූර්ණ යොදය සහිත කිරි බෝතල් මිලදී ගත්තාද​? එසේනම් මේ පිළිබඳ සැලකිලිමත් වන්න​.

ඔබත් Woolworths විසින් නිෂ්පාදිත සම්පූර්ණ යොදය සහිත කිරි බෝතල් මිලදී ගත්තාද​? එසේනම් මේ පිළිබඳ සැලකිලිමත් වන්න.

වුල්වර්ත්ස් සුපිරි වෙළඳසැල විසින් 2L සහ 3L ධාරිතා දරන​ සම්පූර්ණ යොදය සහිත කිරි බෝතල් සමූහයක් විකිණීමෙන් ඉවත් කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ සමහර කිරි බෝතල් වල සමන්විත කිරි වලින් “රසායනික” රසයක් ඇති බවට ගනුදෙනුකරුවන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගැනීමෙනි.

මෙම බලපෑමට ලක් වූ වූල්වර්ත්ස් විසින් නිෂ්පාදිත නැවුම් කිරි බෝතල්  වල භාවිතයට සුදුසු දිනය (Use by) ලෙස​ 2021 ජනවාරි 4 සටහන්ව ඇති බව වාර්තා වේ. මෙම නිෂ්පාදන වික්ටෝරියා, ACT සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයන්හි වෙළඳසැල් වල විකිණීමට තිබී ඇත​.

මෙම අප්‍රසන්න රසය සහිත කිරි පානය කල යමෙකු කිසිම අයුරකින් බිය නොවිය යුතු බව වූල්වර්ත්ස් හි ප්‍රකාශකයෙකු පවසා ඇත​. මෙම නිෂ්පාදන පරීක්‍ෂණයට ලක් කල ඇති බවත් ඒවායින් සෞඛ්‍ය ට අහිතකර බවක් වාර්තා වී නැති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය​.

2021 ජනවාරි 4 වන දින කල් ඉකුත් වන දිනය සමඟ 2L සහ 3L වුල්වර්ත් ෆුල් ක්‍රීම් නැවුම් කිරි වල රසයෙන් නොසතුටට පත්වන ඕනෑම වුල්වර්ත් පාරිභෝගිකයෙකුට තම දේශීය වෙළඳසැලෙන් මුදල් ආපසු ගෙවීමක් හා ආදේශ කිරීමක් ඉල්ලා සිටිය හැකිය.

(7News)

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »