කවාජාගේ පාවහන්වල දරුවන්ගේ නම්

පාකිස්ථානයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාව කඩුළු තුනකට ලකුණු 187 ක් ලබා සිටියා.

තරගයට ඊයේ පස්වරුවේ වර්ෂාවෙන් බාධා මතුවූ නිසා පළමු දිනය තුළ ක්‍රීඩා කළ හැකි වූයේ පන්දුවාර හැට හයක් පමණයි.

දිනය අවසන් වන විට මානස් ලබුෂේන් නොදැවී ලකුණු 44 ක් සහ ට්‍රුවිස් හෙඩ් නොදැවී ලකුණු 9 ක් ලබා සිටියා. 

උස්මාන් කවාජා ලකුණු 42 කට දැවී ගියා අතර, ක්‍රීඩා කරන අතර පැළඳ සිටි පාවහන්වල ඔහුගේ දරුවන් දෙදෙනාගේ නම් සටහන් කර තිබීම විශේෂත්වයක්. 

ඔලිව් අත්තක් රැගත් පරෙවි රුවක් සටහන් කිරීමට සූදානම් වුවද ICC වෙතින් ඊට අවසරය හිමිවූයේ නැහැ. 

එහිදී කවාජා ICC වෙත චෝදනා කළේ විටින් විට ඔවුන් විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරන බව සඳහන් කරමින්. 

තරගයේදී ඩේවිඩ් වෝනර් ලකුණු 38 කට දැවී ගිය අතර හිටපු සුපිරි ක්‍රීඩක මයිකල් හසී කියාසිටියේ ඔස්ට්‍රේලියාව සාම්ප්‍රදායික ආරම්භක පිතිකරුවෙක් යොදාගත යුතු කාලය එළඹ ඇති බවයි.

අද තරගයේ දෙවන දිනයයි.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »