Search

ඔස්ට්‍රේලියා අගමැතිගේ ප්‍රකාශ පරස්පර විරෝධී බවට චෝදනා

ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රකාශ පරස්පර විරෝධී බව ඔස්ට්‍රේලියාවේ සිටින ඊශ්‍රායල තානාපති අමීර් මේමන් පවසනවා.

ඔහු කියා සිටින්නේ ගාසා තීරයේ බලය පවත්වාගෙන යාමෙන් හමාස් ඉවත් කළ යුතු යැයි සඳහන් කරන ඇල්බනීස් තවත් විටෙක මැද පෙරදිග  සටන් විරාමයක් පිළිබඳව අදහස් දක්වන බවයි.

එය පරස්පර විරෝධී බව තානාපතිවරයා පෙන්වා දෙනවා.

පවතින තත්ත්වය යටතේ ස්ට්‍රේලියාවේ රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාව පිළිබඳවද ගැටළුවක් මතුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය  බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ පලස්තීනයට එරෙහි මෙහෙයුම් නැවැත්වීමේ කිසිදු සූදානමක් නැති බවයි.

එම ප්‍රකාශයෙන් පසු ඔස්ට්‍රේලියාවේ ඊශ්‍රායල් තානාපතිවරයා ඇන්තනි ඇල්බනීස්ගේ ස්ථාවරය ප්‍රශ්න කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »