Search

මෙල්බන්හි මගීන්ට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස උපදෙස්

මෙල්බන්හි මගීන්ට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස උපදෙස් නිකුත් කර තිබෙනවා. 

උත්සව සමයේදී බොහෝ පිරිසක් නගරයේ ගැවසීම නිසා රථවාහන තදබදයක් නිර්මාණය වන බවයි, බලධාරීන් පවසන්නේ. 

වෙස්ට් ගේට් ෆ්‍රී වේ හි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. 

ඒ හේතුවෙන් මංතීරු තුනක් වසා තැබීමත් රථවාහන තදබදයට හේතුවක් බවයි සඳහන් වෙන්නේ. 

මෙම ප්‍රතිසංස්කරණ ජනවාරි 4 තෙක් ක්‍රියාත්මක වෙනවා.

සාමාන්‍යයෙන් පැය භාගයක පමණ ප්‍රමාදයක් මාර්ග ආශ්‍රිතව සිදුවිය හැකි නිසා, පොදු ප්‍රවාහනය භාවිතය වඩා සුදුසු බවයි, බලධාරීන් සදහන් කරන්නේ. 

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »