Search

මත්පැන් පානය කළ රියදුරෙකුට නඩු

මත්පැන් පානය කර මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට පියවර ගත් බව වික්ටෝරියා පොලීසිය පවසනවා.

නියමිත ප්‍රමාණයට වඩා පස් ගුණයක් ඔහුගේ රුධිරයෙහි ඇල්කොහොල් අඩංගුව තිබූ බවයි සඳහන් වෙන්නේ. 

හෝර්ෂම් නගරයේදී අධි වේගයෙන් ධාවනය වන මෝටර් රථයක් නිරීක්ෂණය කළ පොලීසිය එය පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව රියදුරුට, බීමත්ව රිය පැදවීම, අධිවේගය යන චෝදනා යටතේ නඩු පැවරෙනවා.

මෝටර් රථය ලියාපදිංචි කර නොමැති බව ද වික්ටෝරියා පොලීසිය සඳහන් කළා. 

වික්ටෝරියාහි රිය අනතුරුවලින් සිදුවූ මියයෑම් මේ වසරේදී සියයට 23 කින් වැඩි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »