
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක පිරිසුදු කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
වික්ටෝරියා ඉමර්ජන්සි සඳහන් කළේ, පසුගිය පැය 72 තුළ සහාය අවශ්‍ය බව පවසමින් දුරකථන ඇමතුම් 1000 කට වැඩි සංඛ්‍යාවක් ලැබුණු බවයි.
වෙඩර්බර්න් නගරයේ නිවාස හා ව්‍යාපාර රැසක් ජල ගැලීමට ගොදුරු වී තිබෙනවා.

ඒ නිසා ඒවායෙහි අයිතිකරුවන් හා පදිංචිකරුවන් වැඩි දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලබා දී ඇති බවයි වික්ටෝරියා ඉමර්ජන්සි පවසන්නේ.
සෙන්ට්‍රල් වික්ටෝරියාහි එල්මෝ ප්‍රදේශයට පානීය ජලය සැපයීමට සිදුව ඇත්තේ ජල මූලාශ්‍ර දූෂණය වීම නිසා බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව නගරයේ 800 කට ජල බෝතල් බෙදාහැරීමටයි පියවර ගෙන ඇත්තේ.