Boxing Day හිදී බොහෝ පිරිසක් වෙළඳසැල් වෙත

Boxing Day හිදී අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම් සඳහා ඔස්ට්‍රේලියා ජාතිකයන් බොහෝ පිරිසක් වෙළඳසැල් වෙත ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. 

ආයතන ගණනාවක් සිය ඇතැම් භාණ්ඩ වෙනුවෙන් සියයට 80 දක්වා වූ වට්ටම් ලබාදීමට තීරණය කර තිබෙනවා. 

Boxing Day හිදී ඔස්ට්‍රේලියා ජාතිකයන් සිය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ මිලදී ගන්නා බවයි රීටේලර්ස් ඇසෝෂියේෂන් පෙන්වා දෙන්නේ.

මෙවර Boxing Day භාණ්ඩ අලෙවි වටිනාකම ඔස්ට්‍රේලියා ඩොලර් බිලියන 23 ඉක්මවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් නත්තල් තෑගි සඳහා වැඩි වශයෙන් මුදල් වැය නොකළද, තම අවශ්‍යතාවලට අද දිනයේදී ඔස්ට්‍රේලියා ජාතිකයන් බොහෝ මුදල් වැයකරනු ඇති බවයි, රීටේලර්ස් ඇසෝෂියේෂන් පවසන්නෙ. 

 

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »