දියනෑමේදී අවධානයෙන් පසු වන ලෙස ජනතාවට උපදෙස්

උත්සව කාලයට සමගාමීව දිය පහර  වැව් සහ මුහුදු වෙරළ ආදියේ දියනෑමට යෑමේ දී අවධානයෙන් පසු වන ලෙස ජීවිතාරක්ෂක අංශ ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

දීර්ඝ නීවාඩුවත් සමග පුද්ගලයින් දියනෑම ඇතුලු විවිධ ජලාශ්‍රිත ක්‍රියාකාරකම් හි නිරතවීමේ ප්‍රවණතාවක් පවතින අතර දියට බැසීමට පෙර එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම වඩාත් වැදගත් වනු ඇති.

මේ දිනවල වෙරළ ආශ්‍රිත විශේෂ ජිවිතාරක්ෂක වැඩපිලිවෙළක් ක්‍රියාත්මක වන අතර අමතර ජීවිතාරක්ෂක නිලධාරීන් දහසකට අධික පිරිසක් මේ දින වල සේවයේ යොදවා තිබෙනවා.

ජනතාව බහුලව ගැවසෙන වෙරළ කලාප තුළ  රතු සහ කහ වර්ණයෙන් යුතු කොඩි සවිකර ඇති අතර ජනතාව දිය නෑමේ දී එම කලාප පමණක් භාවිත කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටිනවා.

අදාළ කලාපයෙන් පිටත පිහිණුම් සිදුකරන සැම පුද්ගලයෙකුම ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවීම වැදගත් වන අතර යම් අවදානම් ස්වභාවයක් පවතින්නේ නම් එම කලාප තුළට ඇතුල්වීමෙන් වලකින ලෙසට ජීවිතාරක්ෂක අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

අවදානම් කලාප තුළට පිවිසීමට පෙර නැවති වඩාත් හොදින් නිරීක්ෂණය කර පසුව සැළැස්මකින් යුතුව පිහිනීම තුළින් ඔබ සහ ඔබේ සමීපතමයින්ගේ ආරක්ෂාව සහතික කළ හැකිවනු ඇත.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »