බිලියන 10 ක් ප්‍රෝටීන් ඌණතාවට ගොදුරුවිය හැකි බවට මත

2025 වසර වන විට ලෝක ජනගහනයෙන් බිලියන 10 ක් පමණ ප්‍රෝටීන් ඌණතාවට ගොදුරුවිය හැකි බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ආහාර විශේෂඥයින් අවධාරණය කර ඇත්තේ ප්‍රෝටීන් හිගය පාලනය කිරීම සඳහා ආහාර සැලැස්මක් ගෝලීයව නිර්මාණය කළ යුතු බවයි.

ජනගහනයේ වර්ධනයත් සමඟ සාම්ප්‍රදායික ගොවිතැන සහ ආහාර නිෂ්පාදනය මඟින් ප්‍රෝටීන් අවශ්‍යතා සපුරාගත නොහැකි බවයි වාර්තා වන්නේ.

මේ අතර විකල්ප ප්‍රෝටීන ප්‍රභව නිපදවීම මෙන්ම ආදේශක භාවිතය පුලුල් කිරීම සම්බන්ධයෙන් ද ගෝලීය සෞඛ්‍ය සංවිධානයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රෝටීන් ඌණතාවෙන් ඔස්ට්‍රේලියාව මුදා ගැනීමට සඳහා ප්‍රෝටීන් ප්‍රභේද සහිත ආහාරපාන වැඩි වශයෙන් රට තුළ නිෂ්පාදනය සඳහා දේශීය ගොවීන් උනන්දු කරන බව ඔස්ට්‍රේලියා ආහාරවේදීන් පවසනවා.

 

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »