
ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පෙරවරු 10:30 ට ආරම්භ වන්නේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
වෙනස්කමකින් තොරව තරගයට ක්‍රීඩා කරන බවයි ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් පවසන්නේ.
ඒ නිසා වික්ටෝරියා ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් හට තරග කිරීමේ අවස්ථාවක් උදා වන්නේ නැහැ.

මේ අතර ඔලිව් අත්තක් රැගත් පරවියෙකුගේ ලාංඡනයක් සහිත පාවහන් පැලඳ ක්‍රීඩා කිරීමේ උස්මාන් කවාජාගේ සැලැස්මට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව එකඟත්වය පළ කර නැහැ.
එය වටහා ගත නොහැකි තීරණයක් බවයි, පැට් කමින්ස් පවසන්නේ.
