Search

සිඩ්නි හෝබාර්ට් බෝට්ටු තරගාවලියට යාත්‍රා 103ක්

වාර්ෂිකව පැවැත්වෙන සිඩ්නි සිට හෝබාර්ට් දක්වා බෝට්ටු තරඟාවලිය සඳහා යාත්‍රා 103ක් මෙවර එක්වෙනවා.

78 වන වරටත් සංවිධානය වන මෙම තරඟාවලිය සඳහා ජ්‍යේෂ්ඨ  මෙන්ම නවක යාත්‍රාකරුවන් එක්වීම ද විශේෂත්වයක්.

මේ අතර ජ්‍යේෂ්ඨ තරඟකරුවකු වන ජෝන් ටවුන්ලි සහ ඔහුගේ පුතුන් දෙදෙනා ද මෙවර තරඟාවලිය සඳහා එක්වන අතර තරඟාවලියේ ලාබාලතම තරඟකරු වශයෙන් ඔහුගේ 16 හැවිරිදි පුත් මැතිව් ටවුන්ලි එක්වෙනවා.

කෙසේ වෙතත් ලාබාලතම තරඟකරු වන මැතිව් සඳහන් කළේ තමන් පළමුවරට මෙවැනි තරඟාවලියක් සඳහා සහභාගිවන බවත් ජයග්‍රහනයට වඩා සහභාගීත්වය සහ අත්දැකීම් එක්කර ගැනීමට තමන් සුදානමින් පසුවන බවයි. 

මේ අතර ලෝකනෙක්ට් කණ්ඩායම සමග එක්ව මෙවර තරගාවලියට ශ්‍රී ලාංකිකයෙක් ද ඉදිරිපත්ව තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය මත මෙවර තරගාවලිය අතිශය අභියෝගාත්මක වන බවටයි මත පලව තිබෙන්නේ.

 

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »