
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි ඇති වන බවයි කාලගුණ කාර්යාංශය පවසන්නේ.
මෙල්බන් නගරයට අපේක්ෂිත වර්ෂාව මිලිමීටර් දහයක් පමණ වන බවයි සඳහන් වන්නේ.
සෙසු ප්‍රදේශවලට ඊට වැඩි වර්ෂාපතනයක් අපේක්‍ෂා කරන බව කාලගුණ කාර්යාංශය පෙන්වා දෙනවා.

ඊයේ දිනයේ ඇති වූ වර්ෂාව නිසා වික්ටෝරියාහි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවුණා.
ඇතැම් මාර්ග පද්ධති තවමත් ජලයෙන් යටව ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවා නියෝජ්‍ය නිලධාරී ඒරන් වයිට් සඳහන් කරන්නේ.

මෙල්බන්වලට කිලෝ මීටර් 217 ක් ඈතින් පිහිටි වෙඩර්බර්න් නගරයට වැඩිම බලපෑම සිදුව ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.
නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ මහාමාර්ග සියල්ල ජලයෙන් යටවුණා.
ඩුනොලි ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 90 ඉක්මවා තිබෙනවා.
වසර 142කට පසු ඩුනොලි නගරයෙන් වාර්තා වූ වැඩිම වර්ෂාව එය බවයි සඳහන් වෙන්නේ.
ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත්කර ඇති බව ද පැවසෙනවා.
එහෙත් නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් වෙත අද දිනයේද වැසි ඇතිවන බවයි කාලගුණ කාර්යාංශය පවසන්නේ.
නිව් සවුත් වේල්ස් වෙත ඊයේ දිනයේදී දැඩි හිමපතනයක් ද සිදුව තිබෙනවා.