
ජනතාව වෙනුවෙන් රජය හඳුන්වා දුන් ඩොලර් බිලියන 23ක සහන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අතිශය සතුටු වන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.
එහි ප්‍රතිලාභ ඉදිරියේදී ජනතාවට ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
චීනය සමග ව්‍යාපාරික සම්බන්ධතා නැවත ඇතිකර ගැනීමට ලේබර් රජය සැලසුම් සකස් කළා.

එය සාර්ථක වීමද නව වසර වෙනුවෙන් ලද ජයක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ගෙවී යන වසර ඔස්ට්‍රේලියා ජාතිකයන්ට ගැටළු රැසක් උද්ගත වූ වසරක් බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

ලෝක ආර්ථිකය අභියෝගයට ලක්වී තිබීමත්, උද්ධමනය වැඩිවීමත් ඔස්ට්‍රේලියාවට බලපෑම් එල්ල කළා.
ඒත් ඉදිරි වසර දෙක ඇතුළත ජනතාවට සහන ලබා දෙමින් ආර්ථිකය ස්ථාවර කිරීමයි රජයේ අපේක්ෂාව.
මේ අතර වයින් බෝතලයක් සඳහා ඩොලර් පන්සියයක් වැය කළ බවට නැගෙන චෝදනා අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු කියා සිටින්නේ වෙස්ටන් ඔස්ට්‍රේලියාහිදි සාමාන්‍ය ආහාර වේලක් සමග වෙනත් පුද්ගලයන් සේම වයින් පානය කළ බවයි.
නත්තල සැමරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ස්වදේශික ජනතාව ද හමු වුණා.
සහන අවශ්‍ය පුද්ගලයන්ට සහන සැලසූ ආයතන කිහිපයක් සමග ද කාලය ගත කළ අග්‍රාමාත්‍යවරයා මිය ගිය මවගේ සිඩ්නි හි පිහිටා තිබෙන සිහිවටනය වෙත ගොස් ගෞරවය පුද කළ බව ද සඳහන්.