
වික්ටෝරියායෙහි ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පවර්කෝ සමාගම පවසන්නේ.
අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු, මධ්‍යම සහ බටහිර වික්ටෝරියා ප්‍රදේශවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන රැසක විදුලිය ඇණහිට තිබෙනවා.
සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා සේවකයන් සිය දෙනකු පමණ සම්බන්ධ වී සිටින බවයි පවර්කෝ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

නෝදන් වික්ටෝරියා ප්‍රදේශයට වැඩිම බලපෑම සිදුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නෙ.
විදුලි සැපයුම් ජාලයෙහි ගැටළු 240 ක් පමණ හඳුනාගෙන තිබෙන බවත් ප්‍රකාශකයා සඳහන් කරනවා.

අකුණු හේතුවෙන් සැපයුම් ජාලයේ සිදුව ඇති හානිද හඳුනාගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ගස් කඩා වැටීම් වලින් විදුලි රැහැන් පද්ධතිවලට හානි සිදුව තිබෙනවා.
මේ අතර කාලගුණ කාර්යාංශය කියා සිටින්නේ හෙට දිනය තෙක් අයහපත් කාලගුණ තත්ත්වය අඛණ්ඩව බලපවත්වන බවයි.