රතු කකුළුවන් ක්‍රිස්මස් වෙරළට

රතු කකුළුවන් ක්‍රිස්මස් දූපතේ වෙරළ කලාපයට සංක්‍රමණය ආරම්භ වී තිබෙනවා. 

ප්‍රජනන සමයේදී වනගත ප්‍රදේශයෙන් ඉවත්ව වෙරළ තීරයට රතු කකුළුවන් එක්වීම වාර්ෂිකව සිදුවන්නේ වර්ෂාව ඇරඹීමත් සමග. 

ක්‍රිස්මස් ජාතික උද්‍යානය පවසන්නේ රතු කකුළුවන්ගේ සංක්‍රමණයට සුදුසු පරිසරය සැකසීම සඳහා මාස කිහිපයක් සැලසුම් කරන බවයි.

ඇතැම් මාර්ගවල රථවාහන ධාවනය නවතා දැමෙන්නේ රතු කකුළුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. 

පසුගිය වසර පහ ඇතුළත රතු කකුළුවන් සංඛ්‍යාව මිලියන 50 සිට මිලියන සියය ඉක්මවා වර්ධනය වී තිබෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »