අහිතකර වායු නිසා අකාලයේ මියයාම් 11000 ක්

ප්‍රවාහන ක්ෂේත්‍රයේ වායු විමෝචනය නිසා ඔස්ට්‍රේලියා ජාතිකයන් 11000 ක් වාර්ෂිකව අකාලයේ මිය යන බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා. 

සිදුකළ දිගු කාලීන අධ්‍යයනයකින් එය තහවුරු වී තිබෙන්නේ. 

රථවාහන ධාවනයට යොදාගන්නා ඉන්ධනවල ප්‍රමිතිය වැඩි කිරීමෙන් අයහපත් සෞඛ්‍ය බලපෑම් අඩු කළ හැකි බව ද විශ්ව විද්‍යාලය පෙන්වා දී තිබෙනවා. 

භාවිත කෙරෙන ඉන්ධනවල ප්‍රමිතිය වැඩි කිරීමටයි රජය සැලසුම් කළේ. 

එය සෞඛ්‍ය ගැටලු රැසක් විසඳීමට හේතුවන බවටයි, විශ්වාස කෙරෙන්නේ. 

ඉන්ධන ප්‍රමිතිය වැඩි කිරීමෙන් අහිතකර කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සිඩ් ඇතුලු වායු රැසක් විමෝචනය අඩු කිරීමේ හැකියාව පවතිනවා. 

නව සැලසුම් හේතුවෙන් වසර 2040 වනවිට සෞඛ්‍ය හා ඉන්ධනවලින් ඩොලර් බිලියන 6 ක් ඉතිරි කළ හැකි වෙතැයි ද විශ්වාස කෙරෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »