
ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ කාලගුණ අනතුරු ඇඟවීම තවමත් ක්‍රියාත්මක බවයි කාලගුණ කාර්යාංශය පවසන්නෙ.
ඔස්ට්‍රේලියා නැගෙනහිර වෙරළ තීරයට ඉතා අවදානම් සහගත කුණාටු තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
වෙස්ටන් වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් වෙතයි අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ 17,000 කට, විදුලිය රාත්‍රියේ සිට ඇණහිට තිබෙන්නේ ප්‍රදේශ කිහිපයකට බලපෑ ප්‍රබල කුණාටුව නිසා.
අකුණු අනතුරු සහ ගස් කඩා වැටීම් රැසක් ද වික්ටෝරියා ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙනවා.

විපතට පත්වූවන්ට සහන සැලසීම් ද ක්‍රියාත්මකයි.
කාලගුණ කාර්යාංශය සඳහන් කරන්නේ, හෙට දිනයේද මෙම අයහපත් කාලගුණය පවතින බවයි.