
නත්තල් සමයේදී රිය ධාවනය පිළිබඳ ව සැලකිලිමත් වන්නැයි අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වසර හතක කාලය ඇතුළත වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් මේ වසරේ දී වාර්තා වූ බවයි සඳහන් වන්නේ.
මරණ සංඛ්‍යාවද සෙසු වසර වලට සාපේක්ෂව වැඩි වී තිබෙනවා.

නිවාඩු සමයත් සමඟ මාර්ග ආශ්‍රිතව රථවාහන ධාවනය වැඩිවී තිබෙන අතර අනතුරුවලට එයද හේතු වී ඇතැයි සඳහන්.
අයහපත් කාලගුණ තත්ත්වයක් ඔස්ට්‍රේලියාවෙහි පවතින බවත් ඒ හේතුවෙන් මාර්ග පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඊට අවධානය යොමු කර රථවාහන ධාවනයේදී වේගය අඩු කර, අවධානයෙන් යුතුව ක්‍රියා කරන්නැයි ඔහු ඔස්ට්‍රේලියා ජාතිකයන්ගෙන් ඉල්ලා තිබෙන්නේ එක්ස් හෙවත් ට්විටර් පණිවිඩයක් සටහන් කරමින්.