වික්ටෝරියා ප්‍රාන්තයට අදත් ධාරාණිපාත වැසි

වික්ටෝරියා ප්‍රාන්තයට අද දිනයේදී ද ධාරාණිපාත වැසි ලැබෙනු ඇතැයි කාලගුණ කාර්යාංශය පවසනවා. 

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ආසන්නයේ පීඩන කලාපය වර්ධනය වෙමින් තිබෙනවා.

ඒ සමග දැඩි සුළං සහ භාග වර්ෂාව ඇතිවිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

අයහපත් කාලගුණය සම්බන්ධ අනතුරු ඇඟවීමක්ද ඊයේ පස්වරුවේ  වික්ටෝරියාහි ප්‍රදේශ කිහිපයක් වෙනුවෙන් නිකුත් කිරීමටයි වික්ටෝරියා ඉමර්ජන්සි පියවර ගත්තේ. 

ඊයේ පස්වරුවේදී ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා. 

අද දිනයේ දී මෙල්බන් ආශ්‍රිත ප්‍රදේශයටද දැඩි සුළං සහ මිලිමීටර් 40 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්‍ෂා කෙරෙනවා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »