Search

කැරොල් ප්‍රසංගයකට පලස්තීන හිතවාදීන්ගෙන් බාධා

කැරොල් ප්‍රසංගයකට පලස්තීන හිතවාදීන්ගෙන් බාධා මතු වුණා. 

ළමුන් කැරොල් ගායනා කරමින් සිටියදී පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් වේදිකාවට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

ආරක්ෂාව සඳහා කඩිනමින් වේදිකාවෙන් ළමුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

කැරොල් ප්‍රසංගය channel 9 වෙතින්  සජීවීව ඉදිරිපත් කරමින් තිබූ අතර ප්‍රසංගයේ නිවේදන කටයුතු සිදුවූ මයික්‍රෆෝනය අසලට ගිය විරෝධතාකරුවෙකු     “ ඔබ කැරොල් ගී ගයද්දී ගාසා හි දරුවන් ජීවිතක්ෂයට පත්වනවා “  යනුවෙන් කළ ප්‍රකාශයක් channel 9 ඔස්සේ විකාශය වී තිබෙනවා.

විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසු නැවතත් කැරොල් ගී ප්‍රසංගය ආරම්භ වූ බවයි සඳහන් වෙන්නේ.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »