Search

බොක්සිං ඩේ වියදම ඩොලර් බිලියන 24 ක්

මෙවර බොක්සිං ඩේ හිදී ඔස්ට්‍රේලියා ජාතිකයන් ඩොලර් බිලියන 24 කට ආසන්න මුදලක් වැයකරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

නිවාස සහ පුද්ගලයන්ට අවශ්‍ය සියලු දේ මිලදී ගැනීමේදී බොක්සිං ඩේ වෙත හිමිවන්නේ විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියා රිටේලර්ස් ඇසෝෂියේෂන් ප්‍රධාන විධායක පෝල් සාරා කියාසිටින්නේ බොක්සිං ඩේ හි සිදුකරන මිලදී ගැනීම් මගින් පාරිභෝගිකයන්ට වාසි සැලසෙන බවයි. 

ඒ නිසා බොහෝ පිරිසක් තම අවශ්‍යතාවලට සරිලන මිලදී ගැනීම් සඳහා බොක්සිං ඩේ වෙත අවධානය යොමු කර ඇති බවයි ඔහු සඳහන් කළේ. 

නත්තල වෙනුවෙන් බොහෝ පිරිසක් ත්‍යාග මිලදී ගන්නා බවත්, ඊට සාපේක්ෂව වැඩි මුදලක් බොක්සිං ඩේ හිදී වැයකරන බවත් පෝල් සාරා පෙන්වා දෙනවා.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »