
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ඉදිරි සති කිහිපය තුළ තවත් අඩුවන බවට අනාවැකි පල වෙනවා.
මේ වනවිට ප්‍රදේශ කිහිපයක පෙට්‍රල් මිල අඩුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් නිවාඩු සමයේදී පෙට්‍රල් මිල වැඩි වුවද මෙවර එය අඩුවී ඇත්තේ ලෝක වෙළඳපළේ තෙල් මිල අඩුවීම නිසා බවයි සඳහන් වී තිබෙන්නේ.

ඒ අනුව ඉදිරි සති කිහිපයේදී ද දෛනිකව ඔස්ට්‍රේලියා සත දෙකකින් පමණ පෙට්‍රල් මිල අඩුවිය හැකි බව එන්.ආර්.එම්.ඒ. ප්‍රකාශක පීටර් කෝරි පෙන්වා දෙනවා.
මෙල්බන් හි පෙට්‍රල් ලීටරයක් ඩොලර් එකයි ශත අනූපහක් ලෙස සටහන් වන අතර බ්‍රිස්බෙන්හි එය එකයි සත හැත්තෑ හයක් වනවා.

අඩුම මිල සටහන් වන්නේ පර්ත් වල බව වාර්තා වන අතර එය ලීටරයකට ඩොලර් එකයි සත හැට හතරක් බවයි සඳහන් වෙන්නේ. සිඩ්නි ආශ්‍රිතව පෙට්‍රල් ලීටරයක් ඩොලර් දෙක ඉක්මවා තිබෙන අතර සියලු මිල ගණන් ඉදිරියේදී අඩුවන බවයි ප්‍රකාශකයා පවසන්නෙ.