අගමැති හා විපක්ෂනායකගේ සුබ පැතුම්

ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් උදාවූ නත්තල වෙනුවෙන් සමස්ත ඔස්ට්‍රේලියා ජාතිකයන්ට සුබ පැතුම් පිරිනමනවා.

ආගමික නැඹුරුවක් සහිත නත්තල සමග ඔස්ට්‍රේලියා ජාතිකයන්ට විවේකයක් ගත හැකි කාලයක් උදා වී තිබෙන බවයි අග්‍රාමාත්‍යවරයාගේ අදහස. 

එම කාලය තුළ පවුලේ සාමාජිකයන් සහ යහළු යෙහෙළියන් සමග ගත කිරීමටත් දැනට, අප අතර නොමැති ආදරණීයන් සිහිපත් කිරීමටත් හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ සාමාජිකයන් සහ හදිසි සේවා සපයන සියලු දෙනා සිහිපත් කිරීමටද ඇන්තනි ඇල්බනිස් ක්‍රියාකර තිබෙනවා. 

ස්වාභාවික ආපදාවලින් විපතට පත් ප්‍රදේශවල සහන සේවකයන්, ඔවුන්ගේ නත්තල සෙසු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැපකර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. 

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද විශිෂ්ට සේවයක් සිදුකරන බව නත්තල් පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. 

මේ අතර විපක්‍ෂනායක පීටර් ඩටන් කියා සිටින්නේ වසර 2023 ඔස්ට්‍රේලියා ජාතිකයන්ට ගැටලු රැසක් උද්ගත වූ කාලයක් බවයි. 

එහෙත් ආවේනික ගති ලක්ෂණ මත, ගැටලු වලට මුහුණ දෙමින් ඔස්ට්‍රේලියාව ස්ථාවරව සිටි බවත් ඔහු නත්තල් සුභපැතුමක් එක්කරමින් සඳහන් කළා. 

සතුටුදායක නිදහස් සහ ආරක්‍ෂාකාරී නත්තලක් පවුලේ සාමාජිකයන් සහ  මිතුරන් සමග ගත කරන්නට ඔස්ට්‍රේලියා ජාතිකයන්ට හැකියාව ලැබේවායි ඔහු ප්‍රාර්ථනා කර තිබෙනවා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »