
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණය සම්බන්ධ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
විවිධ හානි සිදුවිය හැකි දැඩි සුළං, ධාරාණිපාත වැසි සමග හිම කැටිති ද ඇද වැටීමේ ඉඩක් පවතින බවයි, වික්ටෝරියා ඉමර්ජන්සි පවසන්නේ.
Mallee, North Central, Wimmera, South west සහ Northern Country වෙතයි අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ.

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ආශ්‍රිතව ඇතිවූ අඩු පීඩන කලාපයයි, මෙයට හේතුව.
නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් වෙතද අයහපත් බලපෑම් සිදුවනු ඇති.
