Search

වික්ටෝරියා ප්‍රදේශ කිහිපයකට වර්ෂාව සහ සුළං

අද සවස් කාලයේ සහ රාත්‍රියේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාව සහ සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ කාර්යාංශය සඳහන් කරන්නේ. 

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා සීමා ආශ්‍රිත ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාන්ත තුනකට අයහපත් කාලගුණයක් ඇතිවිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් වෙතටද දැඩි සුළං සහ ධාරාණිපාත වැසි ඇතිවන බවයි කාලගුණ කාර්යාංශය සඳහන් කළේ. 

ප්‍රාන්ත තුනෙහි එළිමහන් නත්තල් සැමරුම්වලට මෙම කාලගුණ තත්වය බලපානු ඇතැයි විශ්වාස කෙරෙනවා.

 

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »