Search

ආහාර හිඟයක් සහ තාවකාලික මිල වැඩිවීමක්

ඔස්ට්‍රේලියාවට ආහාර හිඟයක් සහ තාවකාලික ආහාර මිල වැඩිවීමක් සිදුවනු ඇතැයි අනතුරු ඇඟවෙනවා. 

ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණයෙන් වගාවලට හානි සිදුව තිබීම ඊට හේතුව බවයි දැක්වෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් උතුරු ප්‍රදේශයේ වගා බිම් වලින් සියයට 70 කට පමණ හානි සිදුව තිබෙනවා.

ඇතැම් මාර්ග තවමත් ජලයෙන් යටව තිබීම නිසා වගා බිම් වෙත ලඟාවීමේ හැකියාව ද නැති බවයි වාර්තා වෙන්නේ. 

අස්වනු හානියට එය හේතුවක් වී තිබෙනවා. 

පවතින තත්ත්වය අනුව එළවළු හා පලතුරු සැපයුම් සීමා විය හැකි අතර, තාවකාලික මිල වැඩිවීමක් සිදුවනු ඇති බවයි, ක්වීන්ස්ලන්ඩ් ෆාමර්ස් ෆෙඩරේෂන් පවසන්නේ. 

 

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »