
වික්ටෝරියා ප්‍රාන්තයේ දරුවන් පාසල් හැර යාම වැඩිවී ඇති බව හෙළිව තිබෙනවා.
ඒ ABS ආයතනය කළ අධ්‍යයනයකදී බවයි සඳහන් වෙන්නේ.
2018 දී පාසලේ හත වසරට ඇතුළු වූ වික්ටෝරියා ප්‍රාන්තයේ දරුවන්ගෙන් සියයට 14 ක් 12 වන වසරට පෙර පාසල් හැරගොස් තිබෙනවා.

කතෝලික පාසල්වල දරුවන් වැඩි වශයෙන් පාසල් හැරගොස් ඇති බවයි අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ.
රජයේ සහ වෙනත් පාසල් සිසුන් ද ඉගෙනීම අත්හැර ඇති බව හෙළිවුණා.

විශේෂඥයන් විශ්වාස කරන්නේ, මානසික සෞඛ්‍ය තත්ව පිරිහීම මෙම තත්වයට හේතුව බවයි.