ඔස්ට්‍රේලියාව ආසන්න මුහුදේ ගිලී පවතින ගිනිකඳු කිහිපයක්

ඔස්ට්‍රේලියාව ආසන්න මුහුදේ ගිලී පවතින ගිනිකඳු කිහිපයක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත්වුණා. 

මුහුද යට වර්ග කිලෝමීටර් 20,000 ක ප්‍රමාණයක් අධි තාක්ෂණික උපකරණ භාවිතයෙන් අධ්‍යයනය කෙරෙනවා. 

ඊට ජාත්‍යන්තර සහාය ද ලැබී ඇති බවයි විද්‍යාඥයන් පවසන්නෙ.

මුහුදු පතුල ත්‍රී ඩී තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණයට ඒ යටතේ පියවර ගෙන ඇති බවයි, සඳහන්.

මෙතෙක් හෙළි නොවූ ගිනි කඳු පද්ධතිය තස්මේනියාවේ සිට ඇන්ටාක්ටිකාව දක්වා ප්‍රදේශයේ ව්‍යාප්තව පවතින බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නෙ. 

ඉන් ඇතැම් ගිනි කඳු කිලෝමීටර් 1 යි දශම 5 ක් පමණ උස බවත්, ගිනි කඳු පද්ධතිය අක්‍රීය බවත් අධ්‍යයනයේදී හෙළිව තිබෙනවා. 

 

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »