Search

ඉලෙක්ට්‍රික් මෝටර් රථ භාවිතය ඉහළට

ඉලෙක්ට්‍රික් මෝටර් රථ භාවිතය ඔස්ට්‍රේලියාවේ වැඩි වී ඇති බවයි ෆෙඩරල් රජය පෙන්වා දෙන්නේ. 

මේ වසරේ දී විද්‍යුත් මෝටර් රථ මිලදී ගැනීම සියයට අටයි දශම තුනකින් වැඩි වී තිබෙනවා. 

වසර තුන ඇතුළත ඉලෙක්ට්‍රික් රථ ආරෝපණය කළ හැකි මධ්‍යස්ථාන හෙවත් චාර්ජර් ස්ටේෂන්ස් දෙගුණ කිරීමටයි රජය අපේක්ෂා කරන්නේ. 

කාලගුණ විපර්යාස පිළිබඳ අමාත්‍ය  ක්‍රිස් බෝවන් සඳහන් කරන්නේ දැනට ඔස්ට්‍රේලියාවේ මාර්ගවල ඉලෙක්ට්‍රික් මෝටර් රථ  එක් ලක්ෂ හැත්තෑ තුන්දහසක් පමණ  ධාවනය වන බවයි. 

ඉන් තුනෙන් දෙකක් පමණ  වර්තමාන ලේබර් රජය බලයට පත්වීමෙන් පසු  එක්වූ ඒවා බවද ඔහු පෙන්වා දෙනවා. 

පසුගිය දෙසැම්බර් සිට මේ වනතෙක් ආරෝපණ මධ්‍යස්ථාන 800 දක්වා වැඩිකර ඇති බවද සඳහන්. 

විද්‍යුත් රථවාහන සඳහා ඉදිරියේදී ද බදු සහන සහ වට්ටම් ලබාදීමටයි ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙන්නේ.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »