Search

ඊශ්‍රායල පලස්තීන ගැටුම් හේතුවෙන් පලා එන පුද්ගලයන්ට නොමිලේ සෞඛ්‍ය සේවා

ඊශ්‍රායල පලස්තීන ගැටුම් හේතුවෙන් පලා එන පුද්ගලයන් වෙත නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමට සූදානම් බව වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය මේරි ඇන් තෝමස් පවසනවා.

වීසා පිළිබඳ ගැටලු හේතුවෙන් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව එවැනි පුද්ගලයන්ට අසීරු බවයි ඇය පෙන්වා දෙන්නේ. 

ඊට අවධානය යොමු කරමින් ඔවුන් වෙත නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමට වික්ටෝරියා ප්‍රාන්තය  තීරණය කර තිබෙනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා, ඖෂධ සහ විශේෂ මානසික සෞඛ්‍ය සහාය  ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. 

භාෂා පරිවර්තන සේවා ද ඊශ්‍රායල් පලස්තීන යුද්ධය හේතුවෙන් පලා එන ජනතාවට ලබා දීමට වික්ටෝරියා ප්‍රාන්තය  තීරණය කර තිබෙනවා.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »