
ඔස්ට්‍රේලියා ජාතිකයන් රූපවාහිනිය නරඹන ආකාරය තීරණය කිරීම සඳහා දිනකට පැය දෙකක් පමණ ගත කරන බව හෙළිව තිබෙනවා.
ඒ අනුව වසරකට දින විසි දෙකක් තමා නරඹන නාලිකාව තීරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියා ජාතිකයන් වැය කරන බවයි සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
පුද්ගලයෙකු ශාරීරික ව්‍යායාම සඳහා වැය කරන කාලය මෙන් එය තුන් ගුණයක් බවත් සඳහන් වනවා.

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලද සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ රූපවාහිනිය නැරඹීම සඳහා ගත කරන සමස්ත කාලය වසරකට දින හැටක් බවයි.
පුද්ගලයන් දහසක් සමීක්ෂණයට යොදාගත් බවයි සමීක්ෂණ සිදුකළ හබ්ල් ආයතනය පවසන්නේ.
