
මාර්ග අනතුරුවලින් පුද්ගලයන් මියයාම පාලනය කළ නොහැකි ක්‍රියාවලියක් බවයි ඔස්ට්‍රේලියා මාර්ග ආරක්ෂණ පදනම පවසන්නේ.
ඔස්ට්‍රේලියාවේ රිය අනතුරුවලින් මේ වසර ඇතුළත පුද්ගලයන් එක්දහස් දෙසිය පනස් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
වසර හතක් ඇතුළත මාර්ග අනතුරු හේතුවෙන් මියගිය වැඩිම පුද්ගලයන් සංඛ්‍යාව එය බවයි ඔස්ට්‍රේලියා මාර්ග ආරක්ෂණ පදනමේ සාමාජික නික් බෙල් සඳහන් කර තිබෙන්නෙ.

එය අවාසනාවන්ත තත්වයක් වුවද මාර්ග අනතුරු වළක්වා ගැනීම රියදුරන්ගේ වගකීම බවයි ඔහුගේ අදහස.
මාර්ග අනතුරු වැළැක්වීම සඳහා නව සැලසුම් ඔස්ට්‍රේලියාවෙහි ක්‍රියාවට නැංවීම අවශ්‍ය වී තිබෙනවා.

ඊට වගකිවයුතු පාර්ශ්වවල අවධානය යොමුවිය යුතු බවයි ඔහු කියාසිටින්නේ.