මෝටර් රථ ධාවන ශූර ඩොන් ෂූමාකර් මිය යයි

මෝටර් රථ ධාවන ශූර  ඩොන් ෂූමාකර් සිය දිවිය නිමා කර තිබෙනවා. 

දිගු කලක් පීඩා විඳී  පෙනහලු පිළිකාවක් හේතුවෙන් වයස අවුරුදු 79ක්ව තිබියදී ෂූමාකර් මියගිය බවයි සඳහන් වෙන්නේ. 

මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි ඇමෙරිකා ගෞරව සම්මානය 2019 දී ඩොන් ෂූමාකර් වෙත පිරිනැමුණා. 

ඊට අමතරව වෙනත් සම්මාන රැසක් ද  ඔහුට හිමිව තිබෙනවා. 

මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ නැවුම් වෙනසක් නිර්මාණය කළ සුපිරි ක්‍රීඩකයා බවටයි ඔහු හඳුනා ගැනෙන්නේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »