
ආධාර අවශ්‍ය පිරිස ඔස්ට්‍රේලියාව තුළ වැඩිවී ඇතැයි සහන සැලසීමේ යෙදී සිටින පුණ්‍යායතන පවසනවා.
වික්ටෝරියා ප්‍රාන්තයෙහි ආහාර සපයන පුණ්‍යායතනයක් පවසන්නේ මෙවර නත්තල් සමයේදී අතිරේකව හත්දහසකට ආහාර අවශ්‍යතා මතුව ඇති බවයි.
ගැලවීමේ හමුදාවේ වාර්තා අනුව ද සහන අවශ්‍ය සංඛ්‍යාව වැඩිවී තිබෙනවා.

එය සියයට 15 ඉක්මවන බවයි, වාර්තා වෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සහ ජීවන වියදම වැඩිවීම බොහෝ පිරිසකට ආර්ථික අර්බුද නිර්මාණය කර තිබීම, සහන අවශ්‍ය වීමට මූලික හේතුව බවත් හෙළිව තිබෙනවා.
