
යතුරු පැදි අනතුරු සංඛ්‍යාව අවධානයට ලක්විය යුතු බව රෝයල් මෙල්බන් රෝහල් පර්යේෂකයන් පවසනවා.
ස්කූටර්යක් අනතුරට ලක් වීමෙන් මෙල්බන් හි 73 හැවිරිදි පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගියා.
අනතුර සිදුවන විට ඔහු ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ නොසිටි බවයි වාර්තා වෙන්නේ.

රෝයල් මෙල්බන් රෝහල් පර්යේෂකයන් කියාසිටින්නේ, පසුගිය වසරක කාලය තුළ යතුරුපැදි අනතුරුවලින් දෙසිය පනස් හය දෙනෙකු රෝහල්ගත කළ බවයි.
ඔවුන් සියලු දෙනා අනතුරට ලක්වී තිබුණේ විද්‍යුත් ස්කූටර්වලින් බවත් සඳහන් වෙනවා.

යතුරුපැදි අනතුරුවලින් තුවාල ලද පුද්ගලයන් සඳහා අවශ්‍ය වෛද්‍යාධාර සැපයීමට වියදම් කර ඇති මුදල ඔස්ට්‍රේලියා ඩොලර් මිලියන දෙකකට ආසන්න බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.
යතුරුපැදි අනතුරු අඩු කිරීම සඳහා අවධානය යොමු විය යුතු බවයි පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ.