
ඇප් එකක් යොදාගනිමින් ආහාර නාස්තිය අවම කිරීමේ ක්‍රමයක් සැකසීමට ඔස්ට්‍රේලියා සිසුවෙක් සමත් වුණා.
අවුරුදු 15 ක් වයසැති ශ්‍රීචරන් කාතිකියන් නම් ඔහු කොවිඩ් සමයේදී ඊට මූලාරම්භය තැබූ බවයි සඳහන් වෙන්නේ. නව මෘදුකාංගයට ජාතික IBM තරගාවලියේදී දෙවන ස්ථානය හිමිව තිබෙනවා.
පාරිභෝගිකයෙකු ආහාර ද්‍රව්‍ය මිලදී ගත් විට එහි කල් ඉකුත් වන දිනය සටහන් කොටස ඇප් එක මගින් ස්කෑන් කළ යුතු බවයි කාතිකියන් පෙන්වා දෙන්නේ.

එය සටහන් වන අතර, ආහාර කල් ඉකුත් වීමේ දිනය ආසන්න වනවිට, ඒ පිළිබඳව සිහිගැන්වීමට ඇප් එකෙන් සංඥා නිකුත් කෙරෙනවා.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ආහාර ද්‍රව්‍ය අපතේ යාම මෙට්‍රික් ටොන් මිලියන 7 යි දශම 6 ක් බවයි සඳහන් වෙන්නේ.

ඉන් සාමාන්‍යයෙන් නිවසකට වන අලාභය වසරකට ඔස්ට්‍රේලියා ඩොලර් 2500 කට වැඩියි.
කාතිකියන් ජීවත් වන සිටි ඔෆ් කින්ග්ස්ටන් නගරාධිපති හාදි සාබ් සඳහන් කළේ, නව සොයාගැනීම සමග ඔස්ට්‍රේලියාවේ ආහාර සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇති බවයි.