Search

නත්තල් පාර්සල් බෙදා හැරීමේ දී වංචනික ක්‍රියා

නත්තලට සමගාමීව පාර්සල් බෙදා හැරීමේ දී සිදුවන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාජ තැපැල් සහ කුරියර් සේවා ලෙස පෙනී සිටිමින් පාරිභෝගිකයින්ගෙන් ඩොලර් ලක්ෂ ගණනක මුදලක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්සල් බෙදා හැරීමට අදාළ කෙටි පණිවුඩුයක් හෝ ඊ මේල් පණිවුඩයක් මගින් පාර්සලයේ තොරතුරු ඉදිරිපත් කර එමගින් පුද්ගලයින්ගේ අනන්‍යතා සොරකම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් පාරිභෝගික සේවා කොමිෂන් සභාව ජනතාවට දැනුම් දී ඇත්තේ අනන්‍යතාව තහවුරු නොවන කිසිදු විද්‍යුත් සම්බන්ධතා හෝ කෙටි පණිවුඩ වෙත පිවිස තම තොරතුරු යාවත්කාලීන කිරිමෙන් වැළකී සිටින ලෙසයි.

මේ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ භාණ්ඩ හා සේවා ගෙන්වා ගැනීමේ දී අදාළ වෙබ් අඩවි මෙන්ම බෙදා හැරීමේ සේවාවන් හී විශ්වසනීයත්වය විමසිමකින් තොරව අදාළ සේවා ලබා ගැනීමෙන් වළකින ලෙසද පාරිභෝගිකයින්ට වැඩිදුරටත් දන්වා තිබෙනවා.

උත්සව සමය තුළ පාරිභෝගිකයින් තම භාණ්ඩ හා සේවා කඩිනමින් ලබා ගැනීමට උත්සුක වන අතර වංචනික ක්‍රියාකරුවන් එමගින් වාසි ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම වසර තුළ පාර්සල් බෙදා හැරීමේ වංචනික ක්‍රියා 11000කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »