Search

මෙල්බන් නිවාස අලෙවියෙන් අලාභ

මෙල්බන්හි නිවාස අලෙවිය  පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි මත පලවෙනවා. 

පසුගිය කාල සීමාව තුළ  මෙල්බර්න් නගර සීමාවේ අලෙවි කරන ලද නිවාස පහකින් දෙකකට විකුණුම් ආයතන වලට පාඩු සිදුව ඇති බවයි සඳහන්. 

පාඩුවේ සාමාන්‍ය ප්‍රමාණය සියයට හතළිහකට මදක් වැඩියි. 

ප්‍රදේශයේ නිවාස සැපයුම වැඩි වී තිබීම හේතුවෙන් අලාභයන් සිදුවන බවයි ප්‍රඩක්ටිවිටි කමිෂන් වාර්තා පෙන්වා දෙන්නේ. 

ඉල්ලුමට සරිලන නිවාස සැපයුමක් මගින් නිවාස වල මිල  අඩු කළ හැකි වෙතැයි ද ඉන් පෙන්වා දී තිබෙනවා.  

එහි ප්‍රතිඵලයක් ලෙස විකුණුම්කරුවන්ට අලාභ සිදුවන බවත් සඳහන්.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »