Search

කාන්තා හිංසන සාධක සපයන්නැයි පොලිසියට නියෝග

මෙල්බර්න්හි සමාජ ශාලාවකදී කාන්තාවන්ට විවිධ ලිංගික හිංසන සිදු කළ පුද්ගලයෙකුට එරෙහිව සාධක සපයන්නැයි අධිකරණය පොලිසියට නියෝග කළා.

සමාජ ශාලාවේ නිරීක්ෂණ කැමරා පද්ධතියට අනුව ඔහු  කාන්තාවන් බොහෝ දෙනෙකුට හිංසන සිදුකර ඇති බවයි හෙළිව තිබෙන්නේ.

පොලිසිය පවසන්නේ මූලික වශයෙන් කාන්තාවන් තිස් තුන්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන්ගේ අනුමැතියකින් තොරව ශරීරයේ විවිධ ස්ථාන  ස්පර්ශ කිරීම සහ හාදු ලබාදීමටද සැකකරු  ක්‍රියාකර තිබෙනවා.

ඒ සම්බන්ධ සාක්‍ෂි සති දොළහක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කළා.

සැකකරු වාප මත මුදා හැර ඇති අතර නඩුව  නැවතත් මැයි දහවනදා කැඳවන බවයි වාර්තා වෙන්නේ.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »