
ජනවාරි පළමුදා සිට දීමනා කිහිපයක් වැඩි කිරීමට ඔස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා.
වැඩි වී ඇති ජීවන වියදමට මුහුණදීම සඳහා ජනතාව ශක්තිමත් කිරීම එහි අරමුණ බවයි රජය සඳහන් කරන්නේ.
රජයේ සහන වැඩපිළිවෙළ යටතේ මිලියනයක පමණ ජනතාවට ලැබෙන මුදල වැඩි වනු ඇතැයි වාර්තා වෙනවා.

තරුණයන් සඳහා වන දීමනාව ඩොලර් විසි දෙකත් විසි හයත් අතර මුදලකින් වැඩි කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ.
අධ්‍යාපනය සඳහා ලබාදෙන ඔස්ටඩී දීමනාව වැඩි කෙරෙන්නේ ඩොලර් 36 සිට 46 අතර ප්‍රමාණයකින්.

විවිධ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන දීමනාව ද ඩොලර් හතළිස් පහක උපරිමයකට යටත්ව වැඩි කිරීමයි රජයේ සැලසුම.
ප්‍රකාශයට පත්කර ඇති වෙනවා සති දෙකකට වරක් ප්‍රතිලාභීන්ට හිමිවන බවයි සමාජ සේවා අමාත්‍ය අමන්ඩා රිස්වෝත් පෙන්වා දෙන්නේ.