
සුළු හා මධ්‍ය ආදායම් ලබන පවුල් වලට ලබන වසරේදී සහන සැලසීමට අවධානය යොමුකර ඇති බවයි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසන්නේ.
ජීවන වියදම අඩු කිරීම රජයේ ප්‍රධානතම අපේක්ෂාව වී තිබෙනවා.
ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනතාවගේ ආර්ථික තත්ත්වය සාධක කිහිපයක් මත බිඳ වැටී තිබෙන බවයි සඳහන් වෙන්නේ.
උද්ධමනය වැඩිවීම, පොලි අනුපාතික ඉහළ යාම සහ ආදායම් බදු වැඩි කිරීම ඊට හේතු වී තිබෙනවා.

වේතන වැඩි කළද උද්ධමනයට සාපේක්ෂව එය ප්‍රමාණවත් නොවන බවයි ජනතාව පෙන්වා දෙන්නේ.
එවැනි අර්බුද රැසක් යටතේ උපරිම සහන ලබන වසරේදී ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.