Search

ඔස්ට්‍රේලියාවේ ජනගහන ප්‍රකාශනය එළි දැක්වෙයි.

ඔස්ට්‍රේලියාවෙහි ජනගහන ප්‍රකාශනය රජය විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා. 

භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් කියා සිටින්නේ ඉදිරියේ පවතින වෙනස් වීම් සහ අභියෝග සඳහා මුහුණ දීමට මෙම ප්‍රකාශනයෙහි අන්තර්ගතයන් වැදගත් බවයි. 

ආර්ථිකය නිවැරදි ලෙස හසුරුවමින් ඔස්ට්‍රේලියා ජනතාවට ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණයි.

ඒ සඳහා ජනගහන ප්‍රකාශනය පිටිවහලක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

ඕස්ට්‍රේලියාවේ ජනගහනය වර්ධනයට ප්‍රධානතම හේතුව සංක්‍රමණිකයන් බව වාර්තාවෙන් සනාථ වී තිබෙනවා. 

කොවිඩ් වසංගතයෙන් පසු දේශසීමා විවෘත කිරීමත් සමග සංක්‍රමණික සංඛ්‍යාව වැඩි වී ඇති බවයි සඳහන්.

ඉදිරි වසර කිහිපය ඇතුළත සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු වනු ඇතැයි ද රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඊට හේතුවනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. 

ඔස්ට්‍රේලියාවේ ජීවන තත්ත්ව වර්ධනයද ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමද රජයේ අපේක්ෂාව බවයි සඳහන් වෙන්නේ.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද ජනගහන ප්‍රකාශනය පිටිවහලක් වනවා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »