Search

වික්ටෝරියාහි සොරා ගැනීම් ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයෙහි වෙළඳ සල් වලින් සොරා ගැනීම් වැඩි වී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

අපරාධ සංඛ්‍යා ලේඛන ඒජන්සිය කියා සිටින්නේ ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම් සොරා ගැනීම සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවයි.

වර්තමානයේ පවතින ජීවන වියදම වැඩිවීම ඊට ප්‍රධාන හේතුව බව විශ්වාස කෙරෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසය දක්වා වූ මාස දොළහේදී වෙළඳසැල් වලින් සොරා ගැනීම් විසි තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි සඳහන්.

සිල්ලර වෙළඳ සැල්, සේවා ස්ථාන සහ ආහාරපාන අලෙවිසැල් වලින් ද බොහෝ සොරා ගැනීම් සිදුව ඇති බව හෙළිව තිබෙනවා.

ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ සොරා ගැනීම් නිසා ව්‍යාපාර වලට දැඩි අලාභ සිදුවන බවයි. 

 

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »