Search

ඔස්ට්‍රේලියා ඩොලරය වැඩිම අගයක

මාස පහකට පසු ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියා ඩොලරය වැඩිම අගයක් අද වාර්තා කර ඇති බව සඳහන්. 

ඇමරිකාවේ උද්ධමනය අඩුවීමත්, විරැකියාව පහත වැටීමත්, පොලී අනුපාතික අඩු කිරීමේ සැලසුමත් සමග ඔස්ට්‍රේලියා ඩොලරයේ අගය වැඩි වී තිබෙනවා.

ඒ සමග ඔස්ට්‍රේලියා කොටස් අගය මද වැඩිවීමක් සිදුව ඇතැයි ද වාර්තා වෙනවා.

නත්තල් උත්සවයට පෙර ඕස්ට්‍රේලියා කොටස් වෙළඳපළ ගනුදෙනු සඳහා ක්‍රියාත්මක වන අවසන් දිනය අදයි.

එවැනි තත්වයකදී ඩොලරයේ අගය වැඩිවීම ඔස්ට්‍රේලියාවට හිතකර බවයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබෙන්නේ.