Search

උත්සව සමයේ යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගන්නා ලෙස උපදෙස්

උත්සව සමයේදී යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම ඔස්ට්‍රේලියා ජාතිකයන්ගේ ප්‍රමුඛ කාරණය විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

කොවිඩ් 19 නව ප්‍රභේදයක් මේ වන විට ව්‍යාප්තව පැවතීමයි ඊට හේතුව.

සෞඛ්‍ය අංශ කියා සිටින්නේ දැනට ව්‍යාප්ත වන ප්‍රභේදය මාරාන්තික නොවන බවයි. 

එහෙත් ප්‍රදේශ රැසක බොහෝ පිරිසක් කොවිඩ් රෝගයට ගොදුරුව සිටිනවා.

ඊට සමගාමීව ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෙනත් රෝග කිහිපයක් ද ඔස්ට්‍රේලියවේ ව්‍යාප්තව පවතිනවා.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ව්‍යාප්තිය අඩුවී ඇති බවයි සඳහන් වෙන්නේ. 

දෙසැම්බර් අටවෙනිදායින් අවසන් වූ සතිය තුළ දෛනිකව සාමාන්‍යයෙන්  වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව දෙසිය හැත්තෑ හතරක්.

දෙසැම්බර් 15 වනදා වන විට දෙසිය හැට හය දක්වා අඩුවී ඇති බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

ඒ නිසා යහපත් සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පවත්වා ගැනීම සුදුසු බවටයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙන්නේ.

 

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »