මහල් නිවාසයක ගින්නකින් කාන්තාවක් රෝහලේ

පෝට් මෙල්බන් හි මහල් නිවාසයක ඇතිවූ ගින්නකින්, එහි සිරවී සිටි කාන්තාවක ගලවා ගැනීමට ගිනි නිවන හමුදා සාමාජිකයන් සමත්වුණා. 

ගින්න පවතින අතර ගොඩනැගිල්ලට ඇතුළු වූ ගිනි නිවන සාමාජිකයන්, කාන්තාව සිටි ස්ථානය තහවුරු කරගෙන ඇය ඉන් ඉවතට රැගෙන ආ බවයි වාර්තා වෙන්නේ.

ගොඩනැගිල්ලේ ගින්නක් ඇති බවට දුරකථන ඇමතුම් කිහිපයක් ගිනි නිවීම් අංශ වෙත ලැබී තිබුණා.

ගලවා ගැනීමෙන් පසු කාන්තාවට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී ඇති අතර, ඉන්පසු ඇය රෝහල් ගත කර ඇති බවයි සඳහන්.

ගින්නට හේතුව තවමත් හෙළිව නැති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »