Search

ඉලෙක්ට්‍රොනික දුම්වැටි ජනවාරි පළමුදා සිට තහනම්

ඉලෙක්ට්‍රොනික දුම්වැටි ජනවාරි පළමුදා සිට ඔස්ට්‍රේලියාව තුළ තහනම් කිරීමත් සමග ඒ සඳහා ඇබ්බැහිවු තරුණ ප්‍රජාවට අවශ්‍ය උපදේශන සේවා පුලුල් කල යුතු බව මනෝ විශේෂඥයින් අවධාරණය කර තිබෙනවා.

දීර්ඝකාලීන්ව ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට ඇබ්බැහිව සිටින පුද්ගලයින්ගේ හැසිරීම, අදාළ තහනම බලාත්මක කිරීමත් සමගම ප්‍රචණ්ඩකාරී විය හැකි බවයි උපදේශකයින් අවධාරණය කර ඇත්තේ.

මෙම තහනමත් සමග තරුණ ප්‍රජාව මානසික ආතතීන්ට ලක්වීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි අතර තරුණ පරපුර ඉන් මුදා ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බව ෆෙඩරල් රජය පවසනවා.

කෙසේ වෙතත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි  තහනමින් පසු තරුණ ප්‍රජාවට අවශ්‍ය උපදේශන ඇතුලත් මාර්ගෝපදේශ පද්ධතියක් නිකුත් කිරීමට ද නියමිතයි.

අදාළ මාර්ගෝපදේශන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙන් කිරීමට ද ෆෙඩරල් රජය සුදානම් බව සඳහන්.

මාර්ගෝපදේශ පද්ධතියක් තුළින් පමණක් අදාළ සේවා ක්‍රියාත්මක කිරීමට නොහැකි බව තරුණ සංගම් පෙන්වා දෙන අතර ඒ සඳහා මාර්ගගත ක්‍රමවේද ද ස්ථාපනය කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියා තරුණ ජනගහණයෙන්  හතරෙන් එකක් පමණ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට පෙළඹී ඇති බවද අවුරුදු 14 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ එය අනතුරුදායක මට්ටමක් කරා එළැඹී ඇති බවද මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වී තිබුණා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »